මහජන පුස්තකාලය
වැලිගම නගරයේ ජනතාවගේ අධ්‍යාපන හා තොරතුරු අවශ්‍යතා සැපිරීම සදහා වැලිගම මහජන පුස්තකාලය වැලිගම නගර සභා පිරිශ්‍රයේ පිහිටුවා ඇත. ඩිවි දශම වර්ගීකරණය යොදාගෙන වර්ගකරන ලද විවිධ ක්ෂේක්‍ර වලට අදාල පොත් 22798 ක ප්‍රමාණයක් පාඨකයින්ගේ පරිහරණය සදහා ලබාදී ඇත. ක්‍රියාකාරි සමාජික සංඛයාව 2900 කි එසේම පොත් 3500 ක ප්‍රමාණයකින් යුතු පුස්තකාලයක් වැලිගම ගල්බොක් ප්‍රදේශයේ ස්ථාපිතකර ඇත.
අළෙවිසැල
ගොවිපල තුල නිෂ්පාදනය කරණු ලබන සියලුම නිෂ්පාදන අළෙවි සැළ තුල විකිණීම සිදුකරනු ලබයි.වැලිගම කප්පරතොට ගොවිපල භූමියේ පිහිටා ඇත. සතියේ දිනයන්හි පෙ.ව 8.00 සිට ප.ව 4.00 දක්වා විවෘතව ඇත.
නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළින් ශාරීරිකව හා මානසිකව සෞඛ්‍ය සම්පන්න ජන සමාජයක් බිහිකිරීමේ අරමුණින් වැලිගම නගර සභාව මගින් සභා පරිශ්‍රයේ පවත්වාගෙන යනු ලබයි. නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර කරනු ලබන වෛද්‍ය මධ්‍යස්ථානයකි.
විවෘතව පවතින වේලාව –
සදුදා සිට සිකුරාදා
පෙ.ව 8.30 – ප.ව 3.00
සෙනසුරාදා
පෙ.ව 8.30 – ප.ව 12.30
කසල ගබඩා අංගනය
වැලගම නගරයෙන් එකතුවන කසල, වැලිගම කප්පරතොට ස්ථානයේ කොම්පෝස්ට් අංගනය වෙත ගෙන ගොස් වර්ගීකරනය කර නොදිරන ද්‍රව්‍ය අදාල ප්‍රතිචක්‍රීකරන ආයතන වෙත අළෙවි කරන අතර දිරන ද්‍රව්‍ය මගින් කාබනික පොහොර නිෂ්පාදනය කරනු ලබයි. මෙය නිසි අධික්ෂණයක් යටතේ සිදුකරනු ලබයි.
ගොවිපල
කබනික පොහොර යොදා ගනිමින් පළතුරු හා එළවළු වගාව සිදුකිරීම හා අළෙවිකරණය සිදුකරනු ලබයි. එසේම සත්ව පාලන කටයුතු ද සිදුකරනු ලැබේ. කිරී හා බිත්තර නිෂ්පාදනය සිදු කිරීම හා අළෙවිකරණය සිදුකරනු ලබයි.වැලිගම කප්පරතොට කොම්පෝස්ට් අංගනය භුමියේ පිහිටා ඇත.
සෞඛ්‍ය සායන පැවැත්වීම
- ගැබිනි මවුවරුන් හා ළමයින් සඳහා සෞඛ්‍ය පහසුකම් ලබා දීම.
-
බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් ආහාර සාම්පල ලබාගෙන පරික්ෂා කිරීම් කටයුතු සිදුකරගෙන යනු ලැබේ. මෙය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් හරහා ක්‍රියාත්මක කරනු ලබන අතර ඒ වෙනුවේ සභාව මඟින් ප්‍රතිපාදන ලබාදෙනු ලැබේ.
ඝණ අපද්‍රව්‍ය කලමනාකරණය
වැලිගම නගර සභාව විසින් සතියේ දින 7 ම කසල එකතු කිරීම සිදුකරනු ලබයි. සෙනසුරාදා දින පොලිතින් ප්ලාස්ටික් දව්‍ය එකතු කිරීම සිදුකරනු ලැබේ. දිනකට කසල ට්‍රැක්ටර් ලෝඩ් 10 ක් එකතු කරන අතර එම කසල වර්ගීකරණය කර නොදිරන දව්‍ය අළෙවි කිරීම හා දිරන කසළ කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා යොදාගනු ලැබේ.
මාර්ග සංවර්ධන කිරීම
බලප්‍රදේශයේ ඇති සියළුම අතුරුමාර්ග නගර සභාව මඟින් නඩත්තුකර පවත්වාගෙන යනු ලැබේ. මාර්ග සංවර්ධනය කිරීම, නඩත්තු කිරීම, මාර්ග දෙපස තණකොළ කැපීම, බොක්කු පාලම් ඉදිකරීම, පදික වේදීකා සැකසීම මේ යටතේ සිදුකරනු ලැබේ
රෝග නිවාරණ කටයුතු
ඩෙංගු වසංගත රෝගයන් බෝවීම පාලනය කිරීම සඳහා ඩෙංගු මර්දන වැඩසටහන්, මහජන දැනුවත් කිරීමේ වැඩසටහන්, ශ්‍රමදාන වැඩසටහන් පවත්වනු ලැබේ.
| අනු අංකය | ග්‍රාම නිලධාරි වසම | ග්‍රාම නිලධාරි වසම් අංකය |
| 01 | කප්පරතොට දකුණ | 286 සී |
| 02 | මහවීදිය | 382 |
| 03 | පරණකඩේ | 382 ඒ |
| 04 | පෑලෑන බටහිර | 387ඒ |
| 05 | ගල්බොක්ක නැගෙනහිර | 385 |
| 06 | ගල්බොක්ක බටහිර | 385බී |
| 07 | අළුත්වීදිය | 385 ඒ |
| 08 | කොහුනුගමුව | 389 |
| 09 | හෙට්ටිවිදිය | 382 බී |
| 10 | වල්ලිවල නැගෙනහිර | 386 |
| 11 | වල්ලිවල බටහිර | 386 ඒ |
| 12 | වල්ලිවල දකුණ | 386 බී |
| 13 | කප්පරතොට උතුර |
386 ඩී |
| අනු අංකය | කොට්ඨාසයේ නම | කොට්ඨාස අංකය |
| 01 | කොහුනුගමුව | 1 |
| 02 | අළුත්වීදිය | 2 |
| 03 | ගල්බොක්ක | 3 |
| 04 | පෑලැන බටහිර | 4 |
| 05 | පරණ කඩේ | 5 |
| 06 | හෙට්ටිවිදිය | 6 |
| 07 | වල්ලිවල නැගෙනහිර | 7 |
| 08 | වල්ලිවල බටහිර | 8 |
| 09 | මහවීදිය | 9 |
| 10 | කප්පරතොට දකුණ | 10 |
| 11 | කප්පරතොට උතුර | 11 |