වැලිගම් පුරවරය
වසර 2300කට අධික ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන ඵෙතිහාසික ජනාවාසයක් ලෙස වැලිගම හැඳින්විය හැකිය. මහා වංශයේ එන දෙතිස් ඵල රුක් බෝධියක් පිහිටුවන ලද ස්ථානයක් ලෙස වැලිගම වෙහෙර සඳහන් කර ඇත. මෙම තොරතුරු නොවන්නට වැලිගමට මෙතරම් පැරණි ඉතිහාසයකට උරුමකම් කියන්නට කිසිදු සාධකයක් ඇති නොවන්නට ඉඩ තිබුණි.
ක්‍රි:පූ:3 වන ශත වර්ෂය වැනි දුරාතීත යුගයක අනුරාධපුරයෙන් සැතපුම් සියගණනක් ඈත නිරිතදිග තැනිතලාවේ සමුද්‍රසන්නයේ තිබු වැලිගම ඒ යුගයේදී ජනාවාසයක් ව පැවත ඇත. කෙසේ හෝ විජයාගමනයට සමගාමීව හෝ පසුව නිරිතදිග හා ගිනිකොනදිගට ආර්ය සංක්‍රමණයන් වු බවට ඉතිහාසඥයෝ පිළිගනිති.
වැලි බහුල වු නිසා ද ගල් බහුල වු නිසා ද වල්ලම් බහුල නිසා ද ඒ ආශ්‍රයෙන් වැලිගම නම ඇති වු බව එක් අදහසකි. ඉන්දියාවෙන් පැවති වෙළෙඳ අධිපතියෙන් වු “වලලි” නම් තැනැත්තා නිසා වැලිගම නම ඇති වු බව තවත් මතයකි. “වලලිත” නම් වෙළෙඳ ගණයක් මෙහි විසු බව ඉතිහාසඥවාර්ය ජාමුද කියයි. ඒ අනුව වැලිගම නාමය ඇති වු බව සාමාන්‍ය පිළිගැනීමයි. වැලිගම නාමය පිළිබඳ ප්‍රථම වරට ලේඛනගත සාහිත්‍යයේ දක්නට ලැබෙන්නේ සීගිරි ගි තුළිනි.
නගර සභාව විසින් සැපයෙන සේවාවන්