වැලිගම මුහුදු වෙරළ

වැලි සහිත වෙරළ තීරයක් සහ පහත් රළ සහිත සජීවී ධීවර ගම්මානයක් වන වැලිගම සර්ෆින් සහ සංචාරක ව්‍යාපාරයක් සඳහා ආකර්ෂණයක් බවට පත්ව ඇත. කෙසේ වෙතත් වැලිගම එහි නම  වැලි ගම්මානය පෞරාණික විහාරස්ථාන ස්වභාවික වරායන් කිමිදීම් ආදී සුන්දර ප්‍රදේශයකි.

කුෂ්ඨරාජගල

කුෂ්ඨරාජගල යනු ශ්‍රී ලංකාවේ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ආශ්‍රිත ස්වභාවික ගල් පර්වතයක උන්නතව නෙළා ඇති අවලෝකිතේශ්වර බෝධිසත්ව ප‍්‍රතිමාවක් වේ. එය ගාල්ල-මාතර මාර්ගයේ වැලිගම සිට මාතර දෙසට කිලෝ මීටර පහක් පමණ දුරින් පිහිටයි. ප්‍රථිමාව වැලිගම අග්‍රබෝධි විහාරයට අයත් වේ

ගංදුව

සුන්දර වැලිගම් බොක්ක තුළ පිහිටා ඇති කුඩා දිවයින ගංදුව, තැප්‍රොබේන් අයිලන්ඩ්, ක්‍රවුන් ඩී මොනි යන නම්වලින් විවිධ අය හදුන්වයි. මෙම දුපත මැද පෞරාණික සුවිශේෂ ගෘහනිර්මාණ ලක්ෂණ වලින් පිරි ගොඩනැගිල්ලක් ඇත. එය නිර්මාණය කර තිබෙනුයේ නැපෝලියන් බෙනබාට් මහ සෙනවියාගේ මුණුපුරෙකි. ඔහු මෝනි යන නමින් හදුන්වයි. ඔහු අතිදක්ෂ වාස්තුවිද්‍යාඥයෙකු වන අතර, මෙම ගොඩනැගිල්ල පරික්ෂා කිරීමෙන්ද ඒ බව මනාව පැහැදිලි වේ.ඔහුගේ ගෘහණිර්මාණ ශිල්පී සුවිශේෂ මේසය අදටත් එහි දක්නට ඇත. මෙම දිවයිනේ පෙර තිබු ලිද ඉතා හොඳ වතුර වලින් සමන්විත ලිදකි. අද එය හානියට ලක්වී ඇත. මේ ක්‍රවුන්ඩ්මෝනි විදේශිකයෙකු වුවත් මොහු මිය යන තෙක්ම මෙහි වාසය කළ අතර, ගමේ මිනිසුන් මොහුට සුදු සීයා යන නමින් ආමන්ත්‍රණය කර ඇත. වැලිගම බොක්ක මනරම් කරන්න මෙය කදිම සංකේතයකි.

අග්‍රබෝධි රජමහා විහාරය

මෙම පැරණි රජමහා විහාරය වැලිගම නගර සීමාවේ පිහිටා ඇත. බෝධිවංශය අනුව අනුරාධපර ශ්‍රී මහා බෝධීන් වහනසේගේ බෝධි අංකුර 32 න් එකක් මෙහි රෝපණය කර ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පිහිටුවන ලද ශීලා ලේඛන සහ විහාරය අසල ඇති ගල් කණු අතීත පුරාවෘත්තයට ඇති ප්‍රධාන සාධක වේ. පන්සල තුළ පැරණී පුස්කොළ පොත් රාශීයක් ඇත. ගලක කොටා ඇති අෂ්ඨ මංගල සළකුණු සහිත (අටමගල) සංකේතය පෞරාණික බව කියා පාන තවත් සාධකයකි.

රාජකුලවඩන රජමහා විහාරය

වැලිගම නගර සීමාව තුල පිහිටි මෙම විහාරය ශ්‍රී මහා බෝධියේ අංකරයක් රෝපණය කරන ලද අග්‍රබෝධී විහාර පද්ධතියේම කොටසක් විය දැනට එය වෙනම විහාරයක් ලෙස පවත්වාගෙන යනු ලැබේ. මෙහි ආරම්භය අනුරාධපුර යුගය දක්වා විහිදේ මහාවංශයේ මෙම විහාරය ගැන සඳහනක් දැක්වේ. මිහිදු මාහා හිමියන්ගේ වැඩමවීම සිහිකිරීම සඳහා සෑම අවුරුද්දක්ම පසා ජුනි මාසයේ මෙහි පොසොන් පෙරහරක් පැවැත්වේ. ඉතිහාසයේ වැලිගම් වෙහෙර වු මෙය පසුව නාකාය බේදයන් මත වෙන්විය රාජකුලවර්ධන නමැති සෙනවියෙකු මෙය මහා පිරිවෙණක් බවට පත් කළ බවද ඉතිහාසයේ දැක්වේ.

පොල්වත්තේ ගංගාරාමය

පෝල්වතු මෝදර ගගේ ඉවුරක පොල් වගාව නිසා ප්‍රසිධ වු පොල්වත්ත නමැති ස්ථානයේ මෙම පෞරාණික විහාරය පිහිටා ඇත. මෙහි බුදුගෙය තුළ මහනුවර යුගයට අයත් ඉතා දැකුම්කළු එමෙන්ම මනාව ආරක්ෂා වු බිතුසිතුවම් දැකගත හැකිය. සම්ප්‍රදායික උඩරට ගෘහනිර්මාණ ශිල්පය අනුව ඉදිකර ඇති බුදුගෙය ඇතුළත ගර්භයක් සහ පිටත ගර්භයකින් යුතු වන අතර එහි තුළ බුදුන් වහන්සේගේ සහ අසුමහ සව්වන්ගේ ද හින්දු දෙවිවරුන්ගේ ද පිළිම දැකගත හැකිය.

වැලිගම තානායම

වැලිගම බේ ඉන් නමින් හැදින්වෙන පැරණි තානායම ලංකා හෝටල් සංස්ථාව විසින් පවත්වා ගෙන යනු ලැබේ. කප්පරතොට මුහුදට ආසන්නයෙහි මෙය පිහිටා ඇත. දකුණු පළාතෙහි ඇති පැරණි තානායම් වලින් එකකි. 19 වැනි සියවසේ මුල් භාගයේ තනවන ලද්දකි. අදත් වැලිගම නගරයට අලංකාරදෙන ගොඩනැගිල්ලක් සහිත ප්‍රසිද්ධ අවන්හලකි.

වැලිගම ධීවර වරාය

මෙම වරාය ධීවරයන් විසින් භාවිතා කරන කුඩා නැව් සහ ට්‍රොලර් නැංගුරම් ලෑමට යොදාගනු ලැබේ. වැලිගම කප්පරතොට පිහිටා ඇත.

කප්පරතොට පල්ලිය

වර්තමාන වැලිගම ධීවර වරාය අතීතයේ දී කුලුබඩු, පොල්, පුවක් අපනයනය කරීමටත් වාණිජ බඩු ආනයනය සඳහාත් යොදාගත් ජාත්‍යන්තර වරායක්ව පැවැතිනි. මුස්ලිම් ශාන්තුවරයෙකුගේ සොහොනක් පිහිටි කප්පරතොට මුස්ලිම් පල්ලිය සහ සිංහල බැතිමතුන් අනුග්‍රහ දක්වන සිද්ධස්ථානයක්ය. සිංහල සහ මුස්ලිම් ජනතාවගේ සමගිය විදහා දක්වන දුර්ලභ ගණයේ සිද්ධස්ථානයකි.

දෙනිපිටිය නුග රුක

කප්පරතොට මුස්ලිම් පල්ලිය සහ සිංහල බැතිමතුන් අනුග්‍රහ දක්වන සිද්ධස්ථානයක්ය. සිංහල සහ මුස්ලිම් ජනතාවගේ සමගිය විදහා දක්වන දුර්ලභ ගණයේ සිද්ධස්ථානයකි.

ඓතිහාසික මෙතෝදිස්ත දේවස්ථානය

1814 දී වැස්ලියන් මෙතෝදිස්ත නිකායට අයත් ජෝජ් ආර්කින් හා ඕල්ටි යන මිෂනාරි පුජය දෙපල 1814 ජුනි 30 වෙනිදා වැලිගම් වරායෙන් ලංකාවට පැමිණි බව වැලිගම හෙට්ටිවිදියේ ඉදිකල පල්ලියේ ඇති ශිලා ලේඛනයේ සඳහන් වේ. මෙවුන් ආසියාවට පැමිණි ප්‍රථම මිෂනාරි කණ්ඩායම බව ද හෙළිවී ඇත.