2000 අංක 53 සහ 1988 අංක 56 දරණ පනත් වලින් සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත සහ ඒ යටතේ පවත්වන ලද රෙගුලාසි වලට අනුකූලව අංක 2264/18 දරණ වර්ෂ 2022 ක් වු ජනවාරි 27 දිනැති අති විශේෂ ගැසට් පත්‍රෙය් ඈ කොටසේ නියමිත ව්‍යාපෘති ලෙස ප්‍රකාශිත පහත සඳහන් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම, අලුත් කිරීම, අවංලගු කිරීම ප්‍රතික්ෂේප කිරීම සහ අත්හිටුවීමට නගර සභාව විසින් සිදුකරනු ලබයි.
1. සේවක සංඛ්‍යාව 10 ක් හෝ ඊට වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටින ඉටිපන්දම් නිෂ්පාදන කර්මාන්ත
2. සේවක සංඛ්‍යාව 5 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින බතික් කර්මාන්ත
3. සේවක සංඛ්‍යාව 5 ට අඩු පිරිසක් සේවයේ කනියුක්තව සිටින වාණිජ මට්ටමේ රෙදි සෝදන ස්ථාන
4. රෙදි වියන යන්ත්‍ර මැෂින් 10 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සහිත අත් යන්ත්‍ර පෙහෙකම්හල් හෝ ගෙතිමේ හෝ එම්බ්‍රොයිඩ් කිරීමේ කර්මාන්ත.
5. දිනකට ලීටර් 200 කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත වාණිජ මට්ටමේ පොල් තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත.
6. පොල් තෙල් සහ අයුර්වේද තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත හැර දිනකට ලීටර් 10 කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත වාණිජ මට්ටමේ ශාක තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත
7. දිනකට ලීටර් 100 කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත මධ්‍යසාරමය නොවන බීම වර්ග නිෂ්පාදනය කිරීමේ හෝ බෝතල් ගත කිරීමේ කර්මාන්ත
8. දිනකට ක්‍රිලෝග්‍රෑම් 500 හෝ ඊට වැඩි නිෂ්පාදන ධාරිතාවක් සහිත වියළි සැකසුම් ක්‍රියාවලි සහිත වී මෝල්
9. මසකට ක්‍රිලෝග්‍රෑම් 1000 කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත අඹරුම්හල්
10. සේවක සංඛ්‍යාව 10 හෝ ඊට වැඩි සහ 25 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින දුම්කොළ වියළීමේ කර්මාන්ත හෝ දුම් වැටි හෝ දුම්කොළ ආශ්‍රීත වෙනත් නිෂ්පාදන කර්මාන්ත.
11. එක් තොගයකට ක්‍රිලෝග්‍රෑම් 250 හෝ ඊට වැඩි යෙදවුම් ධරිතාවක් සහිත සල්ෆර් දුම් ගැසීම සහිත කුරුදු දුම් ගැසීමේ කර්මාන්ත.
12. සේවක සංඛ්‍යාව 5 ට වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටින වාණිජමය තේ මිශ්‍ර කිරීමේ කර්මාන්ත
13. සේවක සංඛ්‍යාව 5 ට වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාරයට ගන්නා ලුණු ඇසුරුම් කිරිමේ සහ සැකසුම් කිරීමේ කර්මාන්ත
14. සේවක සංඛ්‍යාව 5 හෝ ඊට වැඩි සහ 10 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාර නිෂ්පාදනය
15. දිනකට පිටි ක්‍රිලෝග්‍රෑම් 250 ට අඩු ප්‍රමාණයක යෙදවුම් ධාරිතාවක් සහිත වාණිජ මට්මමේ බේකරි
16. ඕනෑම අවස්ථාවක වැඩුණු පකෂින් 100 හෝ ඊට වැඩි සහ 500 අඩු කුකුළු ගණයේ පකෂීන්
17. ඕනෑම අවස්ථාවක වැඩුණු 05 ක හෝ ඊට වැඩි සහ 10 ට අඩු ඌරු හෝ ගව ගොවිපලවල්
18. සතුන් 25 ක් හෝ ඊට වැඩි සහ 50 ට අඩු එළු ගොවිපලවල්
19. සතුන් 100 හො ඊට වැඩි 500 ට අඩු මිශ්‍ර ගොවිපලවල්
20. ගබඩා ධාරිතාව ඝන මීටර් 100 ක් හෝ ඊට වැඩි පළතුරු හෝ එළවළු හෝ මාංශ ගබඩා
21. කොන්ක්‍රීට් පෙරසවි කර්මාන්ත
22. යන්ත්‍රානුසාරයෙන් සිමේන්ති බිලොක් ගල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත
23. හුණු පෝරණු
24. සේවක සංඛාව 5 ට වැඩි ප්ලාස්ටර් ඔෆ් පැරිස් අමුදව්‍ය යොදාගන්නා කර්මාන්ත
25. බෙලිකටු කැබලි කිරීමේ කර්මාන්ත
26. උළු සහ ගඩොල් කර්මාන්ත
27. විදුරු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත
28. කළු ගල් කැපීමේ සහ ඔප දැමීමේ කර්මාන්ත
29. පුපුරණ දව්‍ය භාවිතා කර එක් බෝර වලක් බැගින් පුපුරවමින් සිදු කරනු ලබන ශිල්පීය කැණිම් කටයුතු.
30. දිනකට ඝන මීටර් 25 ට අඩු ඉරුම් ධරිතාවක් සහිත ලී මෝල් හෝ සේවක සංඛ්‍යාව 05 හෝ ඊට වැඩි සහ 10 කට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටීන දැව ආශ්‍රිත කර්මාන්ත
31. දැව පදම් කිරීම සඳහා බෝරෝන් පිරියම් ක්‍රමය භාවිතා කරන කර්මාන්ත
32. බහු කාර්ය වඩු කාර්මික යන්ත්‍ර භාවිතා කරන වඩු කර්මාන්ත
33. සේවක සංඛ්‍යාව 05 ක් හෝ ඊට වැඩි සහ 10 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින නේවාසික පහසුකම් රහිත හෝටල් හෝ අවන්හල් හෝ උත්සව ශාලා හෝ සේවක සංඛ්‍යාව 10 ක් හෝ වැඩි සහ 20 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාර පිළියෙළ කිරීමේ ස්ථාන හෝ අහාර සැපයීමේ සේවා.
34. පදිංචි සංඛ්‍යාව දිනකට 25 ක් හෝ ඊට වැඩි සහ 100 ට අඩු පුද්ගලයන් ප්‍රමාණයක් සිටින නේවාසිකාගාර
35. විසිරි පින්තාරු කිරීම් හෝ වාහන වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කිරීම නඩත්තු කිරීම හෝ සවි කිරීම් සිදු නොකරන වාහන අලුත් වැඩියා කිරීමේ හෝ නඩත්තු කිරීමේ කටයුතු සිදු කරන ගරාජ
36. වාහන සේවා සුදු නොකරන බාහාලුම් පර්යන්ත
37. ඊයම් උණූ කිරීම ඇතුළත් නොවන මුද්‍රණාල සහ අකුරු මුද්‍රණය කිරීමේ යන්ත්‍ර
38. මෘත ශරීර කල් තබා ගැනීමට සකස් කිරීම සහිත මල් ශාල
39. මෙම උපලේඛනයේ ඈ කොටසේ ඇතුලත් නොවන එක් වැඩ මුරයකට සේවක සංඛ්‍යාව 10 හෝ ඊට වැඩි සහ 50 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ඕනෑම ක්‍රියාකාරකමක්
ප්‍රාදේශීය සභාවක් විසින් තම බල ප්‍රදේශය ඇතුළත පිහිටි යම් භූගෝලීය ප්‍රදේශයක් ප්‍රාදේශීය පළාත් පාලන සහකාර කොමසාරිස්ගේ අනුමැතිය ඇතිව දියුණු කළ ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශය සඳහා එකී ප්‍රාදේශීය සභාව විසින් ද කිසියම් මහා නගර සභාවක් හෝ නගර සභාවක් විසින් ද ස්වකීය බල ප්‍රදේශය තුළ ගාස්තු අය කිරීමකින් තොරව සපයනු ලබන සේවාවන් සඳහා දරනු ලබන වියදම් ප්‍රතිපූරණය කර ගැනීම පිණිස පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව එකී පළාත් පාලන ආයතනය විසින් නියම කරනු ලබන අනුපාතයක් යටතේ අය කරන ගාස්තුව, වරිපනම් යනුවෙන් හඳුන්වනු ලැබේ. එවැනි ප්‍රදේශයක් ඇතුළත සේවා සැපයීමට දරනු ලබන මුළු වියදම සහ එම ප්‍රදේශයේ ඇති එක් එක් දේපළෙහි වාර්ෂික වටිනාකම්වල එකතුව අතර අනුපාතය (ප්‍රතිශතය), එවැනි යම් දේපළක වාර්ෂික වටිනාකමෙන් ගුණ කිරීමෙන් ගණනය කරන මුදල එම දේපළ වෙනුවෙන් ගෙවිය යුතු වාර්ෂික වරිපනම වනු ඇත. ඉහත ආකාරයෙන් පළාත් පාලන ආයතනය විසින් මෙම ප්‍රතිශතය වාර්ෂිකව ගණනය කර තීරණය කරනු ලැබේ. වරිපනම් යනු බද්දක් නොවේ.
නෛතික අධිකාරිය
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තියෙන් එම ආයතනවලට නියම කර ඇති කාර්ය හා කර්තව්‍යය කිරීමේ දී හා ඉටු කිරීමේ දී දරනු ලබන වියදම ප්‍රතිපූරණය කර ගැනීමට –
(අ) ප්‍රාදේශීය සභා පනතේ 134 වන වගන්තියෙන් ප්‍රාදේශීය සභාවලට වරිපනම් නියම කර අය කර ගැනීමට බලය පැවරී ඇත.
සුදුසුකම් / අදාළ වීම
(අ) කිසියම් පළාත් පාලන ආයතනයක වරිපනම් අය කිරීමට යටත් ප්‍රදේශයක පිහිටා ඇති හා එම ආයතනය විසින් තීරණය කරනු ලබන යම් නිශ්චල හෝ නිශ්චල දේපළ වර්ගයකට දේපළක් විය යුතු ය.
(ආ) එකී යම් දේපළක අයිතිකරු හෝ පදිංචිකරු මෙම වරිපනම් ගෙවීමට යටත් විය යුතු ය. (දේපළෙහි පදිංචිකරු එකී දේපළෙහි අයිතිකරු වුව ද නොවුන ද එහි පදිංචිකරු – සභාව විසින් සපයනු ලබන සේවාවෙන් ප්‍රයෝජන ලබන තැනැත්තා – වරිපනම් ගෙවීමට යටත් තැනැත්තා විය යුතු ය)
ගෙවිය යුතු ගාස්තු
(අ) පළාත් පාලන ආයතනය විසින් දේපළෙහි අයිතිකරුට හෝ පදිංචිකරුට නිකුත් කරනු ලබන තක්සේරු නිවේදනයෙහි දැක්වෙන මුදල ගෙවිය යුතු ය.
(ඇ) මෙම වාර්ෂික වරිපනම එකවර හෝ කාර්තු පදනමෙන් ගෙවීමට අවස්ථාව ඇත.
(ඈ) කිසියම් දේපළක් වෙනුවෙන් ගෙවිය යුතු වරිපනම් ප්‍රමාණයෙන් මුළු වර්ෂයට ම අදාළ මුදල නියමිත වර්ෂයේ ජනවාරි මස 31 දිනට පෙර ගෙවනු ලබන්නේ නම්, එම මුළු මුදලෙන් 10 % ක වට්ටමක් ලබා ගැනීමට වරිපනම් ගෙවන්නාට හිමිකම ඇත. (එම වට්ටම ලබා ගත හැකි වන්නේ වර්ෂය ආරම්භ වීමට පෙර පැවති හිඟයක් වේ නම්, එම හිඟය ද ඒ අවස්ථාවේ දී ම පියවන්නේ නම් පමණි)
(ඉ) එසේම වර්ෂයේ කිසියම් කාර්තුවකට අදාළ වරිපනම, එම කාර්තුවේ පළමු මාසය අවසන් වීමට පෙර ගෙවනු ලබන්නේ නම් එම කාර්තුවට අදාළ මුදලෙන් 5% ක වට්ටමක් ලබා ගැනීමට වරිපනම් ගෙවන්නාට හිමිකම ඇත. (එම වට්ටම ගෙවීමේ දී ද පූර්ව කාලයට අදාළ ව හිඟ ඇත්නම් පියවීමට යටත් විය යුතු ය)
ඉදිරිපත් කළ යුතු ලේඛන
(අ) පළාත් පාලන ආයතනය විසින් නිකුත් කරන ලද තක්සේරු නිවේදනය හෝ පෙර වර්ෂයන්වලදී වරිපනම් ගෙවන ලද ලදුපත.
(ආ) තක්සේරු නිවේදනය නොමැති යම් අවස්ථාවක, අදාළ දේපළෙහි පිහිටීම (පාර, වරිපනම් අංකය, ලිපිනය) දැක්වීමෙන් මෙම තොරතුරු හඳුනා ගැනීමට විෂය නිලධාරියාට පහසු වනු ඇත.
| කාර්ය පියවර | කාල සීමාව | අධිකාරිය |
| තක්සේරු නිවේදන මුද්‍රණය කරවීම | සෑම වර්ෂයක ම ඔක්තෝබර් 31 ට පෙර | ලේකම් |
| තක්සේරු පොත ප්‍රදර්ශනයට තබා තිබෙන බවට සහ තක්සේරු විරෝධතා ඉදිරිපත් කළ හැකි බව ගැසට් පත්‍රයේ සහ පුවත්පත්වල නිවේදනය කිරීම | සෑම වර්ෂයක ම ඔක්තෝබර් 31 ට පෙර | සභාපති |
| තක්සේරු පොත මහජන ප්‍රදර්ශනයට තැබීම සහ තක්සේරු විරෝධතා ලේඛනය මහජනතාවට විවෘත කර තැබීම | සෑම වර්ෂයක ම නොවැම්බර් 01 සිට ජනවාරි 31 දක්වා | ලේකම් |
| තක්සේරු නිවේදනය දේපළෙහි අයිතිකරුට හෝ පදිංචිකරුට භාර දීමට සැලැස්වීම | සෑම වර්ෂයක ම දෙසැම්බර් 31 ට පෙර | ලේකම් |
| තක්සේරු නිවේදනය ඉදිරිපත් කරමින් හෝ දේපළ සම්බන්ධ විස්තර දක්වමින් වරිපනම් ගෙවීමට ඉදිරිපත් වීම නැතහොත් අන්තර්ජාලය මගින් ගෙවීම් කිරීම | දේපළෙහි අයිතිකරු හෝ පදිංචිකරු | |
| අදාළ දේපළ හඳුනා ගෙන ගෙවීමට ඇති වරිපනම් මුදල් ප්‍රමාණය දැනුම් දීම | ගෙවීමට ඉදිරිපත් වූ අවස්ථාවේ දී ම | පෙරටු කාර්යාල නිලධාරි |
| ගෙවීමට එකඟ වූ මුදල් ප්‍රමාණයට සරිලන වට්ටම් සලකා බලා අදාළ මුදල අය කර ගෙන ලදුපත නිකුත් කිරීම | මුදල් ලබා ගත් අවස්ථාවේ දී ම | පෙරටු කාර්යාල නිලධාරි |
| වරිපනම් ලේඛනය යාවත්කාලීන කිරීම | 1. පරිගණක මෘදුකාංගයේ ඒ අවස්ථාවේ දීම
2. එසේ නොවන විට මුදල් ගෙවූ දින සිට සතියක් ඇතුළත |
1. පෙරටු කාර්යාල නිලධාරි
2. විෂය භාර නිලධාරි |
1. දේපළෙහි තක්සේරුවට විරෝධතා ඉදිරිපත් කර තිබුණේ වුව ද, වර්ෂයට අදාළ වරිපනම් ගෙවීමට දේපළෙහි අයිතිකරු හෝ පදිංචිකරු යටත් වේ.
වරිපනම් ගෙවීම පැහැර හැරීමේ ප්‍රතිවිපාක
(අ) කිසියම් වරිපනම් කලාපයක පිහිටා ඇති නිශ්චල දේපළක් හෝ නිශ්චල දේපළ වර්ගයක් මත පළාත් පාලන ආයතනය විසින් නියම කරනු ලබන වරිපනම්, එම ආයතනය විසින් නියම කරනු ලබන කාලය ඇතුළත දී එම පළාත් පාලන ආයතනයට ගෙවීමට අයිතිකරු හෝ පදිංචිකරු යටත් වේ. නියමිත කාලය ඇතුළත එම වරිපනම් ගෙවීමට යම් තැනැත්තකු අපොහොසත් වන්නේ නම්, එම හිඟ මුදල් අය කර ගැනීම සඳහා සභාවේ නිලධරයකුගේ හෝ යම් බදු එකතු කරන්නකුගේ නමට විනිග්‍රහන බලපත්‍රයක් නිකුත් කිරීමට ලේකම්ට නීතිමය බලය ඇත.
(ආ) ලේකම් විසින් එවැනි බලපත්‍රයක් නිකුත් කරනු ලැබූ විට, එම බලපත්‍රය ලැබූ තැනැත්තා විසින් අදාළ දේපළ මත තිබෙන කවර හෝ තැනැත්තකුට අයත් සියලු ම චංචල දේපළ තහනමට ගෙන විකුණා අය විය යුතු මුදල් ප්‍රමාණය අය කර ගෙන පළාත් පාලන ආයතනයේ අරමුදලට තැන්පත් කිරීම ද නීත්‍යනුකූල වේ.
(ඇ) මෙසේ කිසියම් චංචල දේපළක් තහනමට ගැනීමට විනිග්‍රහන බලපත්‍රයක් නිකුත් කිරීමේ ගාස්තුව වශයෙන් පහත පරිදි මුදලක් ද අය කර ගැනීමට බලය ඇත.
i. වරිපනම් හිඟය අදාළ වන දේපළ නේවාසික ස්ථානයක් හෝ හිස් ඉඩමක් වන විට, අය විය යුතු මුදලෙන් 15% ක ප්‍රමාණයක්; හෝ
ii. වරිපනම් හිඟය අදාළ වන දේපළ නේවාසික ස්ථානයක් හෝ හිස් ඉඩමක් නොවන වෙනත් වර්ගයක දේපළක් වන විට, අය විය යුතු මුදලෙන් 20% ක ප්‍රමාණයක්.
(ඈ) එසේම චංචල දේපළ තහනමට ගැනීමේ ගාස්තු වශයෙන් අය විය යුතු මුදල් ප්‍රමාණයෙන් 10% ක අතිරේක ගාස්තුවකට ද වරිපනම් ගෙවීමට බැඳී සිටින තැනැත්තා යටත් වනු ඇත.
(ඉ) තවදුරටත් එසේම, තහනමට ගත හැකි චංචල දේපළ කිසිවක් නොමැති අවස්ථාවක අදාළ නිශ්චල දේපළ තහනමට ගෙන විකිණීමට ද නීතිමය බලය ලැබී ඇත.
දිගුකාලීනව බදු දීම සිදුකරන කඩ කාමර
| අනු අංකය | වෙළඳ සංකීර්ණය | කඩ කාමර සංඛ්‍යාව | |
| 1 | මහවීදිය පොල පහත මාලය | 6 | |
| 2 | කප්පරතොට රේන්දපොළ | 2 | |
| 3 | පරණකඩේ අයිස් කඩ කාමර | 2 | |
| 4 | මහවීදිය පොළ පැරණි සමුපකාර ගොඩනැගිල්ල | 1 | |
| 5 | පොදුවෙළඳ පොල – සාප්පු කඩකාමර පහල | 8 | |
| 6 | පොදුවෙළඳ පොල – බිම් මහල මැද | 20 | |
| 7 | පොදුවෙළඳ පොල – ඉහල මහල | 8 | |
| 8 | මැද මාවත කඩ කාමර | 19 | |
| 9 | මැද මාවත- තුං මුල්ල කඩේ | 1 | |
| 10 | මැද මාවත- සාප්පුකඩ කාමර | 3 | |
| 11 | නව වෙළඳ සංකීර්ණය – ඉදිරිපස | 5 | |
| 12 | නව වෙළඳ සංකීර්ණය – පසුපස | 7 | |
| 13 | ගල්බොක්ක පොදු වෙළඳපොල | 13 | |
| 14 | දුම්රියපොල ඉදිරිපිට- කුඩාවෙළඳ සංකීර්ණය | 6 | |
| 15 | ගලේදණ්ඩ මාළු අල්ලිකඩ | 13 | |
| 16 | පළතුරු කඩ සුපර් මාර්කට් භුමිය | 10 | |
| 17 | බස් නැවතුම්පොළ පහල මහල | 8 | |
| 18 | බස් නැවතුම්පොළ ඉහළ මහල | 14 | |
| 19 | සුපිරි වෙළඳ සංකීර්ණය බිම්මහල – I ගොඩනැගිල්ල ඉදිරිපස | 12 | |
| 20 | සුපිරි වෙළඳ සංකීර්ණය බිම්මහල – II ගොඩනැගිල්ල ඉදිරිපස | 10 | |
| 21 | සුපිරි වෙළඳ සංකීර්ණය බිම්මහල – II ගොඩනැගිල්ල පිටුපස | 8 | |
| 22 | සුපිරි වෙළඳ සංකීර්ණය පලමුමහල – I ගොඩනැගිල්ල ඉදිරිපස | 7 | |
| 23 | සුපිරි වෙළඳ සංකීර්ණය පලමුමහල – I ගොඩනැගිල්ල පසුපස | 5 | |
| 24 | සුපිරි වෙළඳ සංකීර්ණය පලමුමහල – II ගොඩනැගිල්ල ඉදිරිපස | 8 | |
| 25 | සුපිරි වෙළඳ සංකීර්ණය – II ගොඩනැගිල්ල පිටුපස | 6 | |
| 26 | සුපිරි වෙළඳ සංකීර්ණය II මහල | 4 | |
| 27 | සුපිරි වෙළඳ සංකීර්ණය III මහල | 3 | |
| 28 | සුපිරි වෙළඳ සංකීර්ණය – පඩිපෙළ අසළ වෙළඳ කුටිය | 1 | |
| 29 | ස්වයං බැංකු ඒකකය | 1 | |
| 30 | කප්පරතොට ධිවර පරීක්ෂක කාර්යාලය | 1 | |
| 31 | වෙරළ උද්‍යානයේ මාළු වෙළඳ සැල් | 15 | |
| එකතුව | 227 |
වාර්ෂිකව බදු දීම සිදුකරන කඩ කාමර
01. ගල්බොක්ක ගව මස් හල අංක 01
02. ගල්බොක්ක කුකුළු මස් හල අංක 02
03. ගල්බොක්ක එළු මස් හල අංක 03
බදු මුදල් එකතු කිරීමේ අයිතිය බදු දීම
01. මහවීදිය මාළු සහ එළවළු වෙළදපොළ්
02. කප්පරතොට පල්ලියවැල්ල ඇලෙන් එගොඩවත්ත මාළු රේන්දපොළ
03. ගල්බොක්ක මාළු සහ එළවළු වෙළඳපොළ
04. පැලෑන කුඩා මාළු රේන්දපොළ
05. රන් පොහොනිය එළවළු වෙළඳසැල
වෙනත් බදු දීම
1. මහවීදිය ගන්දුව අසල පොදු වැසිකිළිය
2. වැලිගම බස් නැවතුම්පොල පොදු වැසිකිළිය
3. කප්පරතොට සුසාන භූමිය පලදා බද්ද
4. සුපිරි වෙළඳ සංකීර්ණය රථ ගාල
විථි රේඛා
ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී ගොඩනැගිලි සැලැසුමට අමතරව වීථී රේඛා අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය වේ. ඒ සඳහා වන අයදුම්පත්‍රය සහ අදාළ ලේඛන සමඟ සභාවට ඉදිරිපත් කළ යුතුය.
වැලිගම නගර සීමාවේ ව්‍යාපාරික හා සියළුම ගොඩනැගිලි සැලැසුම් සඳහා අනුමැතිය ලබාගත යුතුය. මේ සඳහා ඇති අයදුම්පත්‍රය කාර්යාලයෙන් හෝ අපගේ වෙබ් අඩවියෙන් බාගත කර නිවැරිදිව පුරවා අදාළ ලේඛන සමඟ සභාවට භාරදී සැලසුම් අනුමත කර ගත හැකිය.
බ්ම් බදු අයකිරීම
නගර සභාබල ප්‍රදේශය තුළ සිදුකරණ සැණකෙළි බ්ම් ප්‍රමාණය ආදි විශේෂාංග සදහා බිම්බදු අය කිරීම.
දැන්වීම් පුවරු හා බැනර්
වැලිගම නගර සභා බල ප්‍රදේශයට අයත් සීමා තුළ ස්ථර දැන්වීම් පුවරු සහ තාවකාලික බැනර් ප්‍රදර්ශනය කිරීම ස්ථිර දැන්වීම් පුවරු සහ තාවකාලික බැනර් ප්‍රදර්ශනය කිරීම සඳහා ගාස්තු අයකිරීම ( නගර සභා ආඥා පනතේ)164, 165, (අ) 165 (ආ) උප වගන්තිය යටතේ දැන්වීම් පුවරු ගාස්තු අයකිරීම.
සතිපොළ නගර සභාවට අයත් පොළ භූමියේ පොල පවත්වන දිනයන්හි දී මුදල් අය කිරීම.
ව්‍යාපාර බදු හා බලපත්‍ර ගාස්තු
නගර සභා ආඥා පනතේ 164, 165 (අ) , 165 (ආ) උපවගන්තිය යටතේ බලපත්‍ර හා බදු ගාස්තු ගෙවීම.
ලොරි රථය කුලියට දීම
| සේවාව | ගාස්තු |
| නගර සභා ලොරි රථය කුලියට දීම(රියදුරු සමග) දිස්ත්‍රික් මිල කමිටු මිල ගණන් අනුව වෙනස් වේ
ධාවනය වන පැය 08 ක් සඳහා |
රු.17,825.00 |
| වැඩිවන පැය 01 සඳහා | රු.2228.12 |
ලොරි රථය කුලියට දීමේ සම්බන්ධයෙන් උපදෙස් මාලාව
- ලොරි රථයේ ධාරිතාවය ටොන් 3.5 වේ.
- ලොරි රථය ධාවනය වන සෑම පැය 01ක් සඳහාම රු. 2,228.12 ක මුදලක් අය කරනු ලැබේ.
- ලොරි රථය සේවයේ යෙදවිමේදී රථයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉල්ලුම්කරු වගකිව යුතු වේ.
- විශේෂ අවශ්‍යතාවයකදී හැර සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල යන්ත්‍රය බදු දෙනු නොලැබේ.
- ලොරි රථය බදු දෙන අඩුම කාලසීමාව පැය 01 කි.
ඝෝගාතක ගාස්තු
- එක් ගවයකු සඳහා රු. 3000
ගලිබවුසරය
ගලි බව්සරය ගමන් වාර 01ක් සඳහා රු: 11500.00(නගර සිමාවෙන් පිටත)
රු: 10000.00(නගර සිමාවෙන් ඇතුළත)
රු: 3000.00(පොදු ආගමික ස්ථාන සඳහා)
1 km සඳහා රු 150.00 බැගින් (යාමට සහ ඒමට) රු: 300.00
රබර් හෝස් වල දිග අඩි 50 කි.
ධාරිතාව – 4000L
ට්‍රැක්ටර් රථය කුලියට දීම ( රියදුරු සමඟ )
- ට්‍රැක්ටර් රථය ( ට්‍රැක්ටර් ලෝඩ් 01ක් සඳහා) රු.2500
- එක් සේවකයෙකු සඳහා ගාස්තුව රු.300
බැකෝ යන්ත්‍රය කුලියට දීම.
| සේවාව | ගාස්තු |
| බැකෝ යන්ත්‍ර කුලියට දීම එක් පැයකට | රු.5,000.00 |
| නගර සීමාවෙන් බැහැරව සෑම දුර කිලෝමීටරයක් සඳහා ප්‍රවාහන ගාස්තුව | රු. 100.00 |
බැකෝ යන්ත්‍රය කුළියට දීම සම්බන්ධව කොන්දේසි මාලාව
- වැලිගම මැතිවරණ කොට්ඨාශය තුළ පමණක් මෙම යන්ත්‍රය කුළියට දෙනු ලැබේ.( රජය හා පළාත් පාලන ආයතන හැර).
- වැලිගම නගර සීමාවෙන් බාහිරව යන්ත්‍රය ලබා ගන්නේ නම් සෑම කි.මී. 01 ක දුරක් වෙනුවෙන් රු.100/= ක අමතර මුදලක් අය කරනු ලැබේ.
- අදාල වැඩ කොටස නිම කිරීමට නොහැකි වන්නේ නම් වෙනත් දිනයකදී මුදල් ගෙවා නැවත ලබා ගත යුතුය.
- යන්ත්‍රය සේවයේ යෙදවීමේදී යන්ත්‍රයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉල්ලුම්කරු වගකිව යුතුය.
- යන්ත්‍රය බදු දෙන අඩුම කාලසීමාව පැය 01 කි.
- නගරසභා ට්‍රැක්ටර් රථය කුලියට දීම ( රියදුරු සමඟ )
- ට්‍රැක්ටර් රථය ( ට්‍රැක්ටර් ලෝඩ් 01ක් සඳහා) රු. 00
- එක් සේවකයෙකු සඳහා ගාස්තුව රු. 00
කොන්ක්‍රීට් පරීක්ෂණ පෙට්ටි කුලියට දීම
| සේවාව | ගාස්තු |
| දිනකට එක් පෙට්ටියක් සඳහා | රු. 200.00 |
| ප්‍රමාද ගාස්තු දිනකට එක් පෙට්ටියකට | රු . 50.00 |
- වැලිගම මැතිවරණ කොට්ඨාශය තුළ පමණක් මෙම පරික්ෂණ පෙට්ටි කුලියට දෙනු ලැබේ. (රජය හා පළාත් පාලන ආයතන හැර)
- ඉල්ලුම්කරු විසින් මුදල් ගෙවා ඇති පැය ගණන ඉක්මවා වැඩ නොකළ යුතුය.
- කොන්ක්‍රීට් පෙට්ටි හොදින් පිරිසිදු කර එන්ජින් ඔයිල් අලේප කර නැවත භාර දීම සිදු කළ යුතුය.
- කොන්කී‍්‍රට් පරික්ෂණ පෙට්ටි 1ක් සදහා දිනකට අප තැන්පත් මුදල රු.200.00 ක් වන අතර නැවත භාරදීමේදී නියමිත පරිදි පිරිසිදු කර නොමැති විටදී අදාල තැන්පත් මුදලින් යම් මුදලක් සභාවේ අභිමතය පරිදි අයකර ගැනීම සිදුකරනු ලැබේ.
ක්‍රීඩාංගනය වෙන් කිරීම
| 01.
1-1. සැහැල්ලු පන්දු (ක්‍රිකට්) ගාස්තු |
|
| එක් දිනකට | රු. 7,000.00 |
| ඇප තැන්පතු | රු .3,000.00 |
| 1-2. ලෙදර් පන්දු (ක්‍රිකට්)
|
|
| එක් දිනකට | රු. 7,500.00 |
| ඇප තැන්පතු | රු. 3,000.00 |
| 1-3. වෙනත් ක්‍රීඩා ( අත්පන්දු / දැල්පන්දු/එල්ලේ/පාපන්දු)
|
|
| එක් දිනකට | රු. 6,500.00 |
| ඇප තැන්පතු | රු. 3,000.00 |
| 02. පාසල් ක්‍රිඩා ( නගර සීමාව තුළ)
|
|
| 2-1. සැහැල්ලු පන්දු (ක්‍රිකට්) | |
| එක් දිනකට | රු. 5,000.00 |
| ඇප තැන්පතු | රු. 3,000.00 |
| 2-2. ලෙදර් පන්දු (ක්‍රිකට්)
|
|
| එක් දිනකට | රු. 5,500.00 |
| ඇප තැන්පතු | රු. 3,000.00 |
| 2-3.වෙනත් ක්‍රීඩා ( අත්පන්දු / දැල්පන්දු/එල්ලේ/පාපන්දු)
|
|
| එක් දිනකට | රු. 4,500.00 |
| ඇප තැන්පතු | රු. 3,000.00 |
| 03. පාසල් ක්‍රීඩා ( නගර සීමාවෙන් පිටත )
|
|
| 3-1.සැහැල්ලු පන්දු (ක්‍රිකට්)
|
|
| එක් දිනකට | රු. 5,500.00 |
| ඇප තැන්පතු | රු. 3,000.00 |
| 3-2.ලෙදර් පන්දු (ක්‍රිකට්) | |
| එක් දිනකට | රු. 6,000.00 |
| ඇප තැන්පතු | රු. 3,000.00 |
| 3-3. වෙනත් ක්‍රීඩා ( අත්පන්දු / දැල්පන්දු/එල්ලේ/පාපන්දු)
|
|
| එක් දිනකට | රු. 5,000.00 |
| ඇප තැන්පතු | රු. 3,000.00 |
| 04. ඉහත ක්‍රීඩා තරඟ හැර අනෙකුත් විශේෂ උත්සව අවස්ථා වලදි
( අවුරුදු උත්සව / අවුරුදු පොල)
|
|
| එක් දිනකට | රු. 9,000.00 |
| ඇප තැන්පතු | රු. 3,000.00 |
| 05.අවුරුදු උත්සව සමඟ සංගිත ප්‍රසංග සඳහා
|
|
| එක් දිනකට | රු.16,000.00 |
| ඇප තැන්පතු | රු. 3,000.00 |
| 06.විශේෂ අවස්ථා ( හෙලිකොප්ටර්, චොපර් ගොඩබෑම )
|
|
| එක් වාරයක් සඳහා
|
රු. 10,000.00 |
| 07.සංගිත සංදර්ශණ, සැණකෙළි පැවැත්වීම සඳහා අයකිරීම
|
|
| එක් දිනකට | රු. 51,000.00 |
| ඇප තැන්පතු | රු. 100,000.00 |
| 08.නගර සීමාව තුළ පාසල් නිවාසන්තර ක්‍රීඩා කටයුතු සඳහා ( ජලය හා විදුලි සඳහා පමණි )
|
|
| එක් දිනකට | රු. 1,000.00 |
| 09.රාත්‍රී ක්‍රීඩා තරඟ සඳහා
|
|
| එක් දිනකට | රු. 10,000.00 |
| ඇප තැන්පතු | රු. 10,000.00 |
ක්‍රීඩා පිටිය භාවිතා කිරීම පිළිබඳ උපදෙස් මාලාව.
1. ක්‍රීඩාංගනයේ ප්‍රමාණය අක්කර 3.3/4 වන අතර එහි ධාවන පථය මීටර් 200 වේ.
2. මෙම ක්‍රීඩාංගනය තුල කි‍්‍රකට්,පැසිපන්දු,පාපන්දු,වොලිබොල් හා මලල කී‍්‍රඩා යන ඉසව් සඳහා ක්‍රීඩාංගනය වෙන් කල හැකිය.
3. ක්‍රීඩා පිටිය තුළට වාහන ඇතුළු කිරීම තහනම්ය.
4. ක්‍රීඩාංගනය තුළ මත්පැන් පානය කිරීම නොකළ යුතුය.
5. ක්‍රීඩා තරග සඳහා භුමිය පළුදු වන ආකාරයට කණු සිටුවීම නොකළ යුතුය.
6. පොලිතීන් හා ප්ලාස්ටික් ද්‍රව්‍ය ක්‍රීඩාපිටිය තුළ දැමීම තහනම්ය. එසේ දමා තිබුනහොත් ඒවා පිරිසිදු කිරීමට අවශ්‍ය මිනිස් ශ්‍රමයට අදාල මිල තැන්පත් මුදලෙන් අය කර ගනු ලැබේ.
7. පැයකට හෝ වරුවකට ක්‍රීඩා පිටිය වෙන් කරනු නොලැබේ.
8. ක්‍රීඩා පිටිය වෙන් කරගත් පසු එදිනට භාවිතා නොකරන්නේ නම් අදාල ගාස්තුවෙන් රු.1,000.00 ක මුදලක් අඩු කරනු ලැබේ.
9. ක්‍රීඩාපිටිය භාරකරුගේ උපදෙස් පරිදි ක්‍රීඩාංගනය තුළ ක්‍රියා කල යුතුය.
10. ක්‍රීඩා කටයුත්තකදී ඔබ සංවිධානය/ ආයතනය මගින් ක්‍රීඩාංගනයට හෝ රජයේ දේපල වලට අලාභයක් වුවහොත් අප ආයතනයේ නිර්දේශයට අදාළ තක්සේරු මුදල ගෙවිය යුතුය.
වැලිගම නගර ශාලාව වෙන් කිරීමේදී ගාස්තු හා වෙනත් අදාල සේවාවන් පිළිබඳ කොන්දේසි
- නගර ශාලාව වෙන් කරවා ගත් දින සිට දින 03ක් ඇතුළතදී නගර ශාලාවට අදාල ගෙවීම් කල යුතුය. එසේ නගර ශාලාව වෙන් කරවා දින 03 ක් ඇතුළත දී මුදල් නොගෙවීම හේතුවෙන් එය වෙන් කිරිම අවලංගු වුවාසේ සැලකිය යුතුය.
- නගර ශාලාව වෙන් කරවා ගැනීමෙන් පසුව එම නගර ශාලාව පාවිච්චි කිරීමට නියමිත දිනට දිනයක් කලින් ඇප තැන්පත් හෝ අදාළ ගාස්තු ගෙවා ශාලාව වෙන් කරවා ගත් බවට ලදුපත ලබා ගැනීම කල යුතු වන්නේය.
- රජයේ උත්සව,ගුණසමරු උත්සව, ආගමික උත්සව,කෘෂිකාර්මික උත්සව , නගර සභා නිලධාරීන්ගේ හා සේවකයින්ගේ වාර්තීය සමිති ආදියට නගර ශාලාව නොමිලේ ලබා දීම හෝ තැන්පත් මුදල් අය නොකිරීම සභාපතිගේ අනුමැතිය පරිදි වේ.
- ශාලාව වෙන් කිරීමෙන් අනතුරුව පුටු සඳහා අදාල ගාස්තු ගෙවීමෙන් ඒවා ලබා ගැනීම කල හැකි අතර , විදුලිය හා ජලය පාවිච්චි කිරීම වෙනුවෙන් වෙන්ව අය කරන සේවාවන් සඳහා පමණක් වැය වන මුදල ගණනය කිරීමෙන් අනතුරුව එම මුදලද ගෙවීම් කල යුතු වන්නේය.එසේ නැතහොත් ඇප මුදලින් එම වටිනාකම අඩු කිරීම කල හැකිය.
- ඕනෑම උත්සවයක් සඳහා නගර ශාලාව පෙර සුදානම් කර ගැනීමේ කටයුතු සඳහා උත්සවයකට පෙර කාලය වෙනුවෙන් පළමු පැයට රු.500/= ක් ද දෙවන පැයට රු.750/= ක් ද, තුන්වන පැයට රු.1000/= ක් ද ඊට වැඩිවන සෑම පැයකටම හෝ ඉන් කොටසක් සඳහා රු.1,500/= ක් බැගින් අය කරනු ලැබේ.
- මංගල උත්සව,පෙර පාසල් උත්සව හැර අනෙකුත් සියලුම උත්සව සඳහා දිනකට ජල පරිභෝජනය වෙනුවෙන් රු.1250/= ක් අය කරනු ලැබේ. මංගල උත්සව සඳහා ලීටර් 1000 ක ජලය ලබාදෙන අතර ඊට වැඩිවන ලීටර් 1000 ක ජල ටැංකියක් සඳහා අමතර රු.2,000/= ක මුදලක් අය කරනු ලැබේ.
- මංගල උත්සව, පෙර පාසල් උත්සව හැර අනෙකුත් සියලුම උත්සව සඳහා දිනකට විදුලි පාවිච්චිය සඳහා රු.4,150/= අයකරනු ලැබේ. පැය 06 ක් සඳහා වායුසමීකරණ පහසුකම් ලබා ගැනීම සඳහා රු.35,000/= ක් අය කරන අතර ඊට වැඩිවන සෑම පැයකටම රු.3,500/= බැගින් අය කරනු ලැබේ. අනෙකුත් සේවා සඳහා රු.4,500/= කි. මංගල උත්සව හා පෙර පාසල් උත්සව සඳහා ජලය හා විදුලිය රු.2,000/= කි.
- නගර සභා පරිශ්‍රය පාවිච්චි කිරීම වෙනුවෙන් දිනකට පැය 12 කට වර්ග අඩියකට රු12/= බැගින්ද , වැඩි වන සෑම පැයකටම රු. බැගින් මුදල් ගෙවිය යුතුය.
- රාත්‍රී කාලය සඳහා බඩු බාහිරාදිය තබා ගැනීම වෙනුවෙන් රු.2,000/- මුදලක් තැබිය යුතුය.
- මහා පරිමාණ පාවහන් නිමි ඇදුම් සඳහා රාත්‍රී කාලය වෙනුවෙන් පැයකට රු.250/= බැගින් සම්පුර්ණ රාත්‍රී කාලයටම මුදල් ගෙවිය යුතුය.
- නගර ශාලාව නොමිලේ ලබා දෙන අවස්ථාවේදීද , ජලය හා විදුලිය සඳහා ගාස්තු මුදල් අයකර ගත යුතුය.
- උත්සව අවස්ථා වලදී නගර ශාලාව වෙන් කිරීම සඳහා තිරය යොදා ගන්නේ නම් රු.3,000/- ගෙවිය යුතුය.
- විදුලිය හා ජලය විසන්ධි වු අවස්ථාවක දී ඒ සඳහා ගෙවු මුදලින් 10% ක් අයකර ඉතිරිය නැවත ලබාදිය හැකිය.
- රාත්‍රි උත්සව අවස්ථාවලදී ආලෝක සැරසිලි සඳහා රු3,000/=ක මුදලක් ගෙවිය යුතුය.
වැලිගම නගර ශාලාව විධිමත්ව වෙන් කර ලබාගත් තැනැත්තෙකු හෝ ආයතනයක් විසින් එසේ වෙන් කරවා ගත්දින හෝ දිනයන් එම කාර්ය සඳහා පාවිච්චි කිරීම අවලංගු කර ගැනීමට ඉල්ලීමක් කළහොත්.
නගර ශාලාව වෙන් කර ඇති දිනය (එනම් උත්සව දිනය)සහ එසේ අවලංගු කිරීමට ඉල්ලන කාලය අතර , දින 30 ක් හෝ ඊට වැඩි කාලයක් නම් තැන්පත් කළ ඇප මුදලින් 10% ක්ද,
එසේ අවලංගු කර සිටීමට ඉල්ලා සිටින දිනය වෙන් කල දින(එනම් උත්සව දිනය) සිට දින 10ත් 29 ත් අතර, නම් ඇප තැන්පතු මුදලින් 25% ක්ද ,
එසේ අවලංගු කර සිටීමට ඉල්ලා සිටින දිනය වෙන් කල දින (එනම් උත්සව දිනය) සිය දින 10ක් හෝ ඊට අඩු නම් ඇප තැන්පතුවද ඇතුළුව අය කර ඇති සියළුම ගාස්තු මුදලින් 75% ක මුදලක්ද,
උත්සව කාලය ලෙස නගර සභාව විසින් නම් කළ, මාර්තු 15 සිට අප්‍රේල් 15 දක්වාද, දෙසැම්බර් 1 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළදී ඉහත සඳහන් මුදලය අමතරව තව 10% ගාස්තුවක් අය කර ගෙන ඉතිරි ඇප තැන්පත් මුදල් නිදහස් කළ හැක.
එසේ වුවද නගර ශාලාව ඉහත පරිදි ඉල්ලීමක් කර අවලංගු කරවා ගත් දිනය වෙනත් පාර්ශවයක් විසින් ඇණවුම් කර ශාලාව පාවිච්චි කළහොත් කළින් දිනය ඇණවුම් කළ තැනැත්තාට තම ශාලාවේ ඇප තැන්පත් මුදල , ඉහත කොන්දේසි වලට යටත්ව ඇප මුදල නිදහස් කල හැකිය. එසේ නැත්නම් අදාල දිනය ඇණවුම් කළ තැනැත්තා අදාල දින භාවිතා කිරීම නිසා සභාවට වන පාඩුව අවම වන තත්වයේ යෙදුනහොත් එම පාවිච්චි කළ දිනෙන් පසුව 10% ක ගාස්තු මුදලක් ගෙවා ඇප තැන්පත් මුදල නිදහස් කිරීමට පළමු ඇනවුම ඉදිරිපත් කළ තැනැත්තාට හැකිය.
නගර ශාලාව වෙන් කරවා ගත් දින අපේක්ෂිත කාර්ය සඳහා එසේ වෙන් කිරීමෙන් පසුව වෙනත් දිනයක් ලබා ගැනිම සඳහා අදාල තැන්පත්කරු ඉල්ලීම් කළ පසු,
- එසේ කළින් වෙන් කරවා ගෙන පසුව අවලංගු කරවා ගත් දිනය වෙනත් පාර්ශවයක් විසින් ඇණවුම් කර ශාලාව පාවිච්චි කරන ලද්දේ නම්, එසේ පාවිච්චි කරන ලද දිනය ඉක්ම වු පසු අදාල ඇප මුදලින් 10% ක සේවා ගාස්තුවක් ගෙවා අදාල ඇප මුදල ලබා ගත හැකිය.
- ඉහත(1) පරිදි අවලංගු කරන ලද දිනය ශාලාව වෙනත් පාර්ශවයක් පාවිච්චි නොකළේ නම් 25% ක සේවා ගාස්තුවක් ගෙවා එකී වෙන් කළ දිනට පසුව අදාල ඇප මුදල නිදහස් කර ගත හැකිය.
- එබදු අවස්ථාවකදී පසුව ලබා ගන්නා දිනය සඳහා වෙනම ඇප මුදල් තැන්පත් කල යුතුය.
සැලකිය යුතුය
මෙම ගාස්තු වලට අමතරව රජය විසින් විවිධ අවස්ථා වලදී පනවනු ලබන සියලු බදු හා ගාස්තු වලට අදාලව ඉහත සේවා ගාස්තු සංශෝධනය විය හැක.
ආදාහනාගාරය වෙන්කරවා ගැනීම
ආදාහනායක් සිදු කිරීම සඳහා වැලිගම නගර සභා ආදාහනාගාර වෙන් කරවා ගැනීමට සපුරාලිය යුතු කොන්දේසි
- ආදාහනාගාර වෙන් කිරීම සඳහා මරණ සහතික හෝ පිළිගත හැකි නම් කරන ලද ලේඛනයක මුල් පිටපත ඉදිරිපත් කළ යුතු ය.
- එසේ පිළිගත හැකි ලේඛන ලෙස පහත සහතික වලින් එකක් ඉදිරිපත් කළ යුතුය.
B2 – මරණ ලියාපදිංචි කිරිමේ ලේඛනය
B16 – මරණ දැන්වීම් සහතිකය
B18 – මරණ පරීක්ෂක තැනගේ සහතිකය
B20 – මරණ ලියාපදිංචි කිරිමේ සහතිකය
- මියගිය තැනැත්නා / තැනැත්නිය පදිංචි වී සිටි ස්ථානය නගර සීමාවට අයත් නම් ආදාහන ගාස්තු රු00 කි
- මියගිය තැනැත්නා / තැනැත්නිය පදිංචි වී සිටි ස්ථානය නගර සීමාවට පිට නම් ආදාහන ගාස්තු රු00 කි
- කිසිදු හේතුවක් මත ආදාහන වේලාව අනුමත වෙන්කරන ලද වේලාවට ( පස්වරු30 / පස්වරු 3.30 / පස්වරු 5.30 ) අමතර වෙනස් කරනු නොලැබේ.
- ආදාහනායෙන් පසු දින 07ක් ඇතුළත භෂ්මාවශේෂ අඩංගු බදුන රැගෙන යායුතු අතර එසේ නොමැති නම් අදාළ කාල සීමාවෙන් පසු එම භෂ්මාවශේෂ සදහා නගර සභාව විසින් වගකියනු නොලැබේ.
- ආදාහනාගාර වෙන් කරවා ගැනීමෙන් පසුව හදිසි අවස්ථාවන දී ආදාහනාගාර අක්‍රීය වුවහොත් එම මෘත දේහන මූදූගමුව සුසාන භූමියේ භූමදානය සිදු කිරීමට ඉඩදෙනු ලැබේ.
- එසේ නොමැති නම් ඔබට අවශ්‍ය පරිදි වෙනත් ආදාහනාගාරයකට ඔබ විසින් ඔබ විසින් මුදල් ලෙවා ආදාහනාය කරවා ගැනීමට හැක.( මෙම තත්ත්වය හේතුවෙන් ඔබ වෙත නැවත ගෙවීමට සිදුවන මුදල් සති දෙකක පමණ කාලයක් තුළ ඔබට ලෙවීමට කටයුතු කරනු ලැබේ )
- කිසිදු භෂ්මාවශේෂයක් ආදාහනාගාර භූමියේ මල් පෝච්චි තුළ තැන්පත් කිරීමට කටයුතු නොකළ යුතුය.
සුසාන භූමිය වෙන්කරවා ගැනීම
භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහා අදාළ වන කොන්දේසි.
- වැලිගම නගර සභා සීමාවෙන් පිටත කිසිඳු මරනයක් භූමිදාන කටයුතු සඳහා භාරගනු නොලැබේ
- ආදාහනය සිදු කිරීමෙන් අනතුරුව දින 07 ක් ඇතුළත ඔබගේ භෂ්මශේෂ රැගෙන යා යුතුය.
- අළුතින් භෂ්මශේෂ තැන්පත් කිරීමක දී රු.10,000.00
නව සොහොන් වලක් සෑදීම
- පෙර භෂ්මශේෂ තැන්පත් කළ ස්ථානයේම රු.1500.00
භෂ්මශේෂ තැන්පත් කිරීම
- සතියේ දිනකම පැමින භෂ්මශේෂ තැන්පත් කිරීම සිදු කළ යුතුය.
- පෙර භෂ්මශේෂ තැන්පත් කළ ස්ථානයේම භෂ්මශේෂ තැන්පත් කරන්නේ නම්,
නගර සභාවේ තාක්ෂණික නිලධාරී යටතේ එය සිදු කළ යුතුය.
- සොහොන් කොත පෙර තිබු පරිදිම ඔබ විසින් නිවැරදිව සැකසිය යුතුය.
- මිය ගිය පුද්ගලයා පදිංචිව සිටි ප්‍රදේශය වැලිගම නගර සභා සීමාවේ යැයි සනාථ කළ යුතුය.
- ආදාහනය කරන ලද රිසිට් පතෙහි ජායා පිටපතක් සමඟ පැමිණිය යුතුය.
- මරණ සහතික ලෙස B 2, B 16, B 18, B 20 යන සහතික පිළිගනී.
B 2 – මරන සහතිකය
B 16 – මරන දැන්වීම් සහතිකය
B 18 – මරන පරීක්ෂක තුමාගේ සහතිකය
B 20 – මරන ලියාපදිංචි කිරීමේ සහතිකය
- ග්‍රාම සේවක විසින් නිකුත් කරන මරන සහතිකය භාර ගනු නොලැබේ.
ඉහත කොන්දේසි හොදින් කියවා තේරුම් ගත් අතර එම කොන්දේසි සඳහා එකඟ වෙමි.
- භූමිදානය සඳහා විශාල ප්‍රමාණයේ සොහොන් වලක් කැපීම
- නගර සභා සේවකයින් සොහොන් වල කැපීම සඳහා රු.2000
- නගර සභාව විසින් නිර්දේශිත ස්ථානයේ අදාළ අය විසින් රු.1000
සොහොන් වල කැපීම සඳහා
- භෂ්මාවශේෂ තැන්පත් කිරීම ( අඩි 02 x 02 )
- පෙර තැන්පත් කරන ලද ඥාතියෙකුගේ වලක රු. 1500
- අලුතින් වලක තැන්පත් කිරිම රු. 10000
ආදාහනය කිරිමේ ගාස්තු
නගර සීමාව ඇතුළත රු. 9000.00
නගර සීමාවෙන් පිටත රු. 10000.00
අඩි 8 x 4 එහෙත් 8 x 8 නොඉක්මවන ස්ථිර සොහොන් ගැබක් රු.25000 ඉදිකිරීම සඳහා
නගර ශාලාව වෙන්කරවා ගැනීම
වැලිගම නගර සභා පරිශ්‍රයේ ඉහළ මාලයේ වායුසමීකරණය කරන ලද පුළුල් තිරයකින් යුත් උත්සව අවස්ථා හා සංදර්ශන සදහා යොදාගත හැකි සම්මන්ත්‍රණ ශාලාව වෙන්කරවා ගත හැකිය.
| 01 | වේදිකාව හා තිරය | රු. 3,000.00 |
| 02. | ශබ්ද විකාශණ යන්ත්‍රය | රු.10,000.00 |
| ශබ්ද විකාශණ යන්ත්‍රය(සාමාන්‍ය පහසුකම් යටතේ) | රු. 3,000.00 | |
| 03. | රාත්‍රී උත්සව අවස්ථා වලදී ආලෝක සැරසිලි සඳහා | රු. 3,000.00 |
| 04. | උත්සව පෙර පුහුණුවීම් කටයුතු සඳහා | රු. 5,000.00 |
| 05.පුටු ගාස්තු ( දිනකට ) | ||
| 5-1 | ප්ලාස්ටික් පුටු (පවතින පුටු ගණන 172) | රු. 10.00 |
| 5-2 | දම්රෝ කුෂන් පුටු (පවතින පුටු ගණන 377) | රු. 20.00 |
| 5-3 | V.I.P.පුටු (පවතින පුටු ගණන 40) | රු. 25.00 |
| 06.ඕනෑම උත්සවයක් සඳහා නගර ශාලාව පෙර සූදානම් කර ගැනීමේ කටයුතු සඳහා උත්සවයකට පෙර කාලය වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු | ||
| 6-1 | 01 පැය | රු. 500.00 |
| 6-2 | 02 පැය | රු. 750.00 |
| 6-3 | 03 පැය | රු. 1000.00 |
| 6-4 | වැඩිවෙන සෑම පැයකටම | රු. 1500.00 |
| 07.වායු සමීකරණ පහසුකම් සැපයීම | ||
| පැය 06 සඳහා | රු. 35000.00 | |
| වැඩිවෙන සෑම පැයකටම | රු. 3500.00 | |
| 08.නගර සභා පරිශ්‍රය භාවිතා කිරීම | ||
| දිනකට පැය 12 සඳහා (වර්ග අඩියකට) | රු. 15.00 | |
| වැඩිවෙන සෑම පැයකටම ( වර්ග අඩියකට ) | රු. 20.00 | |
| 09.මංගල උත්සව සඳහා | ||
| 9-1 සතියේ දිනයන්හිදි (සදුඳා – සිකුරාදා) | ||
| ශාලා ගාස්තුව ( සේවා ගාස්තු ද ඇතුළත්ව පැය 06 කට) | රු.32,500.00 | |
| ශාලාව වෙන් කිරීම සඳහා තිරය | රු. 3,000.00 | |
| ජලය හා විදුලි ගාස්තුව | රු. 2,000.00 | |
| ඇප තැන්පතුව | රු.15,000.00 | |
| 9-2 නිවාඩු දිනයන්හිදි (සෙනසුරාදා, ඉරිදා හා රජයේ නිවාඩු දිනවල) | ||
| ශාලා ගාස්තුව ( පැය 06) (සේවා ගාස්තු ද ඇතුළත්ව) | රු.35,000.00 | |
| ශාලාව වෙන් කිරීම සඳහා තිරය | රු. 3,000.00 | |
| ජලය හා විදුලි ගාස්තුව | රු. 2,000.00 | |
| ඇප තැන්පතුව | රු.15,000.00 | |
| 10.මංගල උත්සව සඳහා ( වායු සමීකරණ සහිතව ) | ||
| 10-1 සතියේ දිනයන්හිදි(සදුඳා – සිකුරාදා) | ||
| ශාලා ගාස්තුව ( සේවා ගාස්තු ද ඇතුළත්ව පැය 06 කට) | රු.32,500.00 | |
| වායුසමීකරණ | රු.35,000.00 | |
| ශාලාව වෙන් කිරීම සඳහා තිරය | රු. 3,000.00 | |
| ජලය හා විදුලි ගාස්තුව | රු. 2,000.00 | |
| ඇප තැන්පතුව | රු.15,000.00 | |
| 10-2 නිවාඩු දිනයන්හිදි (සෙනසුරාදා, ඉරිදා හා රජයේ නිවාඩු දිනවල) | ||
| ශාලා ගාස්තුව ( සේවා ගාස්තු ද ඇතුළත්ව පැය 06 කට) | රු.35,000.00 | |
| වායුසමීකරණ | රු.35,000.00 | |
| ශාලාව වෙන් කිරීම සඳහා තිරය | රු. 3,000.00 | |
| ජලය හා විදුලි ගාස්තුව | රු. 2,000.00 | |
| ඇප තැන්පතුව
|
රු.15,000.00 | |
| 11.සංගිත සංදර්ශණ, නාට්‍ය දර්ශන, සර්කස් හා කරාටේ දර්ශණ සඳහා | ||
| 11-1 පැය 03ට නොවැඩි 01 දර්ශණයක් සඳහා / සතියේ දිනයන්හිදී ( සදුදා – සිකුරාදා) | ||
| එක් දර්ශනයක් සඳහා | රු.11,000.00 | |
| ජලය | රු . 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| 11-2 පැය 03 ට නොවැඩි 01 දර්ශණයක් සඳහා නිවාඩු දිනයන්හිදී ( සෙනසුරාදා , ඉරිදා , රජයේ නිවාඩු දිනවල) | ||
| එක් දර්ශනයක් සඳහා | රු.15,000.00 | |
| ජලය | රු .1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| 11-3 පැය 03 ට නොවැඩි දර්ශණ 02 සඳහා / සතියේ දිනයන්හිදී ( සදුදා – සිකුරාදා) | ||
| දර්ශන 02 ක් සඳහා | රු.12,000.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| 11-4 පැය 03 ට නොවැඩි දර්ශණ 02 සඳහා / නිවාඩු දිනයන්හිදී (සෙනසුරාදා,ඉරිදා, රජයේ නිවාඩු දිනයන්හිදී) | ||
| දර්ශන 02 ක් සඳහා | රු.15,000.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| 11-5 පැය 03 ට නොවැඩි දර්ශණ 03 සඳහා/සතියේ දිනවලදී (සදුදා -සිකුරාදා) | ||
| දර්ශන 03 ක් සඳහා | රු.13,000.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| 11-6 පැය 03ට නොවැඩි දර්ශණ 03 සඳහා /නිවාඩු දිනයන්හිදී(සෙනසුරාදා,ඉරිදා, රජයේ නිවාඩු දිනයන්හිදී) | ||
| දර්ශන 03 ක් සඳහා | රු.15,000.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| 12 ඉහත සදහන් දර්ශන සඳහා විනෝද බද්දක් අයකරනු ලබන්නේ නැත්නම් පහත සදහන් ගාස්තු අය කරනු ලැබේ. | ||
| 12-1 පැය 03ට නොවැඩි 01 දර්ශණයක් සඳහා / සතියේ දිනයන්හිදී ( සදුදා – සිකුරාදා) | ||
| දර්ශන 01 ක් සඳහා | රු. 7,500.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| වැඩිවන සෑම පැයක් සදහා | රු. 3,000.00 | |
| 12-2 | පැය 03 ට නොවැඩි 01 දර්ශණයක් සඳහා / නිවාඩු දිනයන්හිදී ( සෙනසුරාදා , ඉරිදා , රජයේ නිවාඩු දිනවල) | |
| දර්ශන 01 ක් සඳහා | රු. 8,500.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| වැඩිවන සෑම පැයක් සදහා | රු. 3,500.00 | |
| 12-3 | පැය 03 ට නොවැඩි දර්ශණ 02 ක් සඳහා / සතියේ දිනයන්හිදී ( සදුදා – සිකුරාදා) | |
| දර්ශනක් 02ක් සඳහා | රු . 8,000.00 | |
| ජලය | රු 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු . 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| වැඩිවන සෑම පැයක් සදහා | රු. 3,000.00 | |
| 12-4 | පැය 03 ට නොවැඩි දර්ශණ 02 ක් සඳහා / නිවාඩු දිනයන්හිදී (සෙනසුරාදා,ඉරිදා, රජයේ නිවාඩු දිනයන්හිදී) | |
| දර්ශන 02 ක් සඳහා | රු. 9,000.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| වැඩිවන සෑම පැයක් සදහා | රු. 3.000.00 | |
| 12-5 | පැය 03 ට නොවැඩි දර්ශණ 03 ක් සඳහා/ සතියේ දිනවලදී (සදුදා -සිකුරාදා) | |
| දර්ශන 03ක් සඳහා | රු. 9,000.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4.500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| වැඩිවන සෑම පැයක් සදහා | රු. 3,000.00 | |
| 12-6 | පැය 03ට නොවැඩි දර්ශණ 03 ක් සඳහා /නිවාඩු දිනයන්හිදී(සෙනසුරාදා,ඉරිදා, රජයේ නිවාඩු දිනයන්හිදී) | |
| දර්ශන 03ක් සඳහා | රු.10,000.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| වැඩිවන සෑම පැයක් සදහා
|
රු. 3,500.00 | |
| 13 | ඕනෑම ප්‍රදර්ශණයක්, ප්‍රසිද්ධ නැටුම් දර්ශණයක් සඳහා | |
| 13-1 | සතියේ දිනවලදී (සදුදා -සිකුරාදා) | |
| එක් දිනකට ( පැය 06) | රු. 9,000.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| වැඩිවන සෑම පැයක් සදහා | රු. 4,000.00 | |
| 13-2 | නිවාඩු දිනයන්හිදී | |
| එක් දිනකට ( පැය 06) | රු.10,000.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| වැඩිවන සෑම පැයක් සදහා | රු. 4,500.00 | |
| 14 | විනෝද උත්සව හෝ සංවිධානය කරන ලද වෙනත් උත්සව හෝ දේශිය හා විදේශීය නැටුම් ආදී මොනම ගාස්තුවක්වත් ඇතුළුළත් වීමට හෝ සහභාගී වීමට අය නොකර උත්සව සදහා | |
| 14-1 | සතියේ දිනයන්හිදී (සදුඳා – සිකුරාදා) | |
| එක් දිනකට (පැය 06) | රු. 8,500.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4.500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| වැඩිවන සෑම පැයක් සදහා | රු. 1,250.00 | |
| 14-2 | නිවාඩු දිනයන්හිදී නිවාඩු දිනයන්හිදී(සෙනසුරාදා,ඉරිදා, රජයේ නිවාඩු දිනයන්හිදී) | |
| එක් දිනකට (පැය 06) | රු. 9,500.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| වැඩිවන සෑම පැයක් සදහා | රු. 1,750.00 | |
| 15 | මුදල් අයකරන පොත්, සගරා හා ප්ලාස්ටික් බඩු ,අලෙවි ප්‍රදර්ශණ , නැටුම් සංදර්හණ හෝ සැණකෙළි සඳහා | |
| 15-1 | සතියේ දිනයන්හිදී (සදුදා – සිකුරාදා) | |
| එක් දිනකට (පැය 06) | රු. 6,500.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| වැඩිවන සෑම පැයක් සදහා | රු. 1,250.00 | |
| 15-2 | නිවාඩු දිනයන්හිදී(සෙනසුරාදා,ඉරිදා, රජයේ නිවාඩු දිනයන්හිදී) | |
| එක් දිනකට (පැය 06) | රු. 7,500.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| වැඩිවන සෑම පැයක් සදහා | රු. 1,750.00 | |
| 16 | මුදල් අයකරන මල් හා ලී බඩු අලෙවි ප්‍රදර්ශන සඳහා ගාස්තු | |
| 16-1 | සතියේ දිනයන්හිදී (සදුඳා – සිකුරාදා) | |
| එක් දිනකට (පැය 06) | රු. 8,500.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| වැඩිවන සෑම පැයක් සදහා | රු. 1,250.00 | |
| 16-2 | නිවාඩු දිනයන්හිදී(සෙනසුරාදා,ඉරිදා, රජයේ නිවාඩු දිනයන්හිදී) | |
| එක් දිනකට (පැය 06) | රු. 9,500.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| වැඩිවන සෑම පැයක් සදහා | රු. 1,750.00 | |
| 17 | සහභාගී වීම සදහා වීම සදහා ගාස්තුවක් අය නොකර රාත්‍රී භෝජන සංග්‍රහ සහ දිවා භෝජන සංග්‍රහ සදහා | |
| 17-1 | සතියේ දිනයන්හිදී (සදුඳා – සිකුරාදා) | |
| එක් දිනකට (පැය 06) | රු.14,000.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| 17-2 | නිවාඩු දිනයන්හිදී(සෙනසුරාදා,ඉරිදා, රජයේ නිවාඩු දිනයන්හිදී) | |
| එක් දිනකට (පැය 06) | රු.15,000.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| 18 | පංති පැවැත්වීම,පුහුණු කිරීම,අධ්‍යාපන සම්මන්ත්‍රණ සඳහා අය කළ යුතු ගාස්තු | |
| 18-1 | සතියේ දිනයන්හිදී(සදුදා – සිකුරාදා) | |
| එක් දිනකට (පැය 06) | රු. 5,000.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| 18-2 | නිවාඩු දිනයන්හිදී(සෙනසුරාදා,ඉරිදා, රජයේ නිවාඩු දිනයන්හිදී) | |
| එක් දිනකට (පැය 06) | රු. 6,000.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| 19 | ප්‍රචාරක රැස්වීම්,දේශපාලන රැස්වීම්,කතා පැවැත්වීම සදහා හා දේශපාලන සම්මන්ත්‍රන සදහා | |
| 19-1 | සතියේ දිනයන්හිදී (සදුඳා – සිකුරාදා) | |
| එක් දිනකට (පැය 06) | රු. 6,000.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| 19-2 | නිවාඩු දිනයන්හිදී(සෙනසුරාදා,ඉරිදා, රජයේ නිවාඩු දිනයන්හිදී) | |
| එක් දිනකට (පැය 06) | රු. 6,000.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| 20 | ආගමික උත්සව ත්‍යාග ප්‍රධාන උත්සව ආගමික සම්මුඛ සාකච්ඡා පාසල් ළමුන් ක්‍රීඩා පුහුණු කිරීම් හා විවිධ ප්‍රසංග සදහා | |
| 20-1 | සතියේ දිනයන්හිදී (සදුඳා – සිකුරාදා) | |
| එක් දිනකට (පැය 06) | රු. 4,000.00 | |
| ජලය | රු. 1.250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| 20-2 | නිවාඩු දිනයන්හිදී(සෙනසුරාදා,ඉරිදා, රජයේ නිවාඩු දිනයන්හිදී) | |
| එක් දිනකට (පැය 06) | රු. 5,000.00 | |
| ජලය | රු. 1.250.00 | |
| විදුලිය | රු. 4.150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15.000.00 | |
| 21 | මුදල් අය කෙරෙන මෙහි සදහන් නොවූ වෙනත් සේවාවන් සදහා | |
| 21-1 | සතියේ දිනයන්හිදී (සදුඳා – සිකුරාදා) | |
| එක් දිනකට (පැය 06) | රු. 7.500.00 | |
| ජලය | රු. 1.250.00 | |
| විදුලිය | රු. 4.150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3.000.00 | |
| ඇප තැන්පතු | රු.15.000.00 | |
| වැඩිවන සෑම පැයක් සදහා | රු. 1.250.00 | |
| 21-2 | නිවාඩු දිනයන්හිදී(සෙනසුරාදා,ඉරිදා, රජයේ නිවාඩු දිනයන්හිදී) | |
| එක් දිනකට (පැය 06) | රු. 8.500.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4.150.00 | |
| අනෙකුත් සේවා | රු. 4.500.00 | |
| වේදිකාව | රු. 3.000.00 | |
| ඇප තැන්පතු | රු.15.000.00 | |
| වැඩිවන සෑම පැයක් සදහා | රු. 1,750.00 | |
| 22 | පෙර පාසල් උත්සව සදහා | |
| 22-1 | සතියේ දිනයන්හිදී (සදුඳා – සිකුරාදා) | |
| එක් දිනකට (පැය 06) | රු.15,000.00 | |
| ජලය හා විදුලිය | රු. 2,000.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| 22-2 | නිවාඩු දිනයන්හිදී(සෙනසුරාදා,ඉරිදා, රජයේ නිවාඩු දිනයන්හිදී) | |
| එක් දිනකට (පැය 06) | රු.16,000.00 | |
| ජලය හා විදුලිය | රු. 2,000.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15.000.00 | |
| 23 | මුදල් අය කෙරෙන පාවහන් සහ නිමි ඇදුම් ප්‍රදර්ශන සදහා | |
| 23-1 | සතියේ දිනයන්හිදී (සදුඳා – සිකුරාදා) | |
| එක් දිනකට (පැය 06) | රු. 9,000.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| 23-2 | නිවාඩු දිනයන්හිදී(සෙනසුරාදා,ඉරිදා, රජයේ නිවාඩු දිනයන්හිදී) | |
| එක් දිනකට (පැය 06) | රු.11,000.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| 24 | සාහිත්‍ය උත්සව සදහා | |
| 24-1 | සතියේ දිනයන්හිදී (සදුඳා – සිකුරාදා) | |
| එක් දිනකට (පැය 06) | රු. 5,000.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| 24-2 | නිවාඩු දිනයන්හිදී(සෙනසුරාදා,ඉරිදා, රජයේ නිවාඩු දිනයන්හිදී) | |
| එක් දිනකට (පැය 06) | රු. 6,500.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| 25 | ජාත්‍යන්තර පෙර පාසල් සදහා අය කරනු ලබන ගාස්තු | |
| 25-1 | සතියේ දිනයන්හිදී (සදුඳා – සිකුරාදා) | |
| එක් දිනකට (පැය 06) | රු.15,000.00 | |
| ජලය හා විදුලිය | රු. 2,000.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| 25-2 | නිවාඩු දිනයන්හිදී(සෙනසුරාදා,ඉරිදා, රජයේ නිවාඩු දිනයන්හිදී) | |
| එක් දිනකට (පැය 06) | රු.16,000.00 | |
| ජලය හා විදුලිය | රු. 2,000.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| වේදිකාව | රු. 3,000.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| 26 | මුදල් අයනොකරන ඉහත සදහන් නොවූ වෙනත් කාර්යයන් සදහා | |
| 26-1 | සතියේ දිනයන්හිදී (සදුඳා – සිකුරාදා) | |
| එක් දිනකට (පැය 06) | රු. 7,500.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| වැඩිවන සෑම පැයක් සදහා | රු. 1,250.00 | |
| 26-2 | නිවාඩු දිනයන්හිදී(සෙනසුරාදා,ඉරිදා, රජයේ නිවාඩු දිනයන්හිදී) | |
| එක් දිනකට (පැය 06) | රු. 8,500.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| ඇප තැන්පතු | රු.15,000.00 | |
| වැඩිවන සෑම පැයක් සදහා | රු. 1,750.00 | |
| 27 | නගර ශාලාව රාත්‍රී නවාතැන් සදහා බදු දීම | |
| ශාලා ගාස්තුව | රු. 9,000.00 | |
| ජලය | රු. 1,250.00 | |
| විදුලිය | රු. 4,150.00 | |
| අනෙකුත් සේවා | රු. 4,500.00 | |
| ඇප තැන්පතු | රු. 5,000.00 | |
වැලිගම නගර ශාලාව වෙන් කිරීමේදී ගාස්තු හා වෙනත් අදාල සේවාවන් පිළිබඳ කොන්දේසි
- නගර ශාලාව වෙන් කරවා ගත් දින සිට දින 03ක් ඇතුළතදී නගර ශාලාවට අදාල ගෙවීම් කල යුතුය. එසේ නගර ශාලාව වෙන් කරවා දින 03 ක් ඇතුළත දී මුදල් නොගෙවීම හේතුවෙන් එය වෙන් කිරිම අවලංගු වුවාසේ සැලකිය යුතුය.
- නගර ශාලාව වෙන් කරවා ගැනීමෙන් පසුව එම නගර ශාලාව පාවිච්චි කිරීමට නියමිත දිනට දිනයක් කලින් ඇප තැන්පත් හෝ අදාළ ගාස්තු ගෙවා ශාලාව වෙන් කරවා ගත් බවට ලදුපත ලබා ගැනීම කල යුතු වන්නේය.
- රජයේ උත්සව,ගුණසමරු උත්සව, ආගමික උත්සව,කෘෂිකාර්මික උත්සව , නගර සභා නිලධාරීන්ගේ හා සේවකයින්ගේ වාර්තීය සමිති ආදියට නගර ශාලාව නොමිලේ ලබා දීම හෝ තැන්පත් මුදල් අය නොකිරීම සභාපතිගේ අනුමැතිය පරිදි වේ.
- ශාලාව වෙන් කිරීමෙන් අනතුරුව පුටු සඳහා අදාල ගාස්තු ගෙවීමෙන් ඒවා ලබා ගැනීම කල හැකි අතර , විදුලිය හා ජලය පාවිච්චි කිරීම වෙනුවෙන් වෙන්ව අය කරන සේවාවන් සඳහා පමණක් වැය වන මුදල ගණනය කිරීමෙන් අනතුරුව එම මුදලද ගෙවීම් කල යුතු වන්නේය.එසේ නැතහොත් ඇප මුදලින් එම වටිනාකම අඩු කිරීම කල හැකිය.
- ඕනෑම උත්සවයක් සඳහා නගර ශාලාව පෙර සුදානම් කර ගැනීමේ කටයුතු සඳහා උත්සවයකට පෙර කාලය වෙනුවෙන් පළමු පැයට රු.500/= ක් ද දෙවන පැයට රු.750/= ක් ද, තුන්වන පැයට රු.1000/= ක් ද ඊට වැඩිවන සෑම පැයකටම හෝ ඉන් කොටසක් සඳහා රු.1,500/= ක් බැගින් අය කරනු ලැබේ.
- මංගල උත්සව,පෙර පාසල් උත්සව හැර අනෙකුත් සියලුම උත්සව සඳහා දිනකට ජල පරිභෝජනය වෙනුවෙන් රු.1250/= ක් අය කරනු ලැබේ. මංගල උත්සව සඳහා ලීටර් 1000 ක ජලය ලබාදෙන අතර ඊට වැඩිවන ලීටර් 1000 ක ජල ටැංකියක් සඳහා අමතර රු.2,000/= ක මුදලක් අය කරනු ලැබේ.
- මංගල උත්සව, පෙර පාසල් උත්සව හැර අනෙකුත් සියලුම උත්සව සඳහා දිනකට විදුලි පාවිච්චිය සඳහා රු.4,150/= අයකරනු ලැබේ. පැය 06 ක් සඳහා වායුසමීකරණ පහසුකම් ලබා ගැනීම සඳහා රු.35,000/= ක් අය කරන අතර ඊට වැඩිවන සෑම පැයකටම රු.3,500/= බැගින් අය කරනු ලැබේ. අනෙකුත් සේවා සඳහා රු.4,500/= කි. මංගල උත්සව හා පෙර පාසල් උත්සව සඳහා ජලය හා විදුලිය රු.2,000/= කි.
- නගර සභා පරිශ්‍රය පාවිච්චි කිරීම වෙනුවෙන් දිනකට පැය 12 කට වර්ග අඩියකට රු12/= බැගින්ද , වැඩි වන සෑම පැයකටම රු. බැගින් මුදල් ගෙවිය යුතුය.
- රාත්‍රී කාලය සඳහා බඩු බාහිරාදිය තබා ගැනීම වෙනුවෙන් රු.2,000/- මුදලක් තැබිය යුතුය.
- මහා පරිමාණ පාවහන් නිමි ඇදුම් සඳහා රාත්‍රී කාලය වෙනුවෙන් පැයකට රු.250/= බැගින් සම්පුර්ණ රාත්‍රී කාලයටම මුදල් ගෙවිය යුතුය.
- නගර ශාලාව නොමිලේ ලබා දෙන අවස්ථාවේදීද , ජලය හා විදුලිය සඳහා ගාස්තු මුදල් අයකර ගත යුතුය.
- උත්සව අවස්ථා වලදී නගර ශාලාව වෙන් කිරීම සඳහා තිරය යොදා ගන්නේ නම් රු.3,000/- ගෙවිය යුතුය.
- විදුලිය හා ජලය විසන්ධි වු අවස්ථාවක දී ඒ සඳහා ගෙවු මුදලින් 10% ක් අයකර ඉතිරිය නැවත ලබාදිය හැකිය.
- රාත්‍රි උත්සව අවස්ථාවලදී ආලෝක සැරසිලි සඳහා රු3,000/=ක මුදලක් ගෙවිය යුතුය.
වැලිගම නගර ශාලාව විධිමත්ව වෙන් කර ලබාගත් තැනැත්තෙකු හෝ ආයතනයක් විසින් එසේ වෙන් කරවා ගත්දින හෝ දිනයන් එම කාර්ය සඳහා පාවිච්චි කිරීම අවලංගු කර ගැනීමට ඉල්ලීමක් කළහොත්.
නගර ශාලාව වෙන් කර ඇති දිනය (එනම් උත්සව දිනය)සහ එසේ අවලංගු කිරීමට ඉල්ලන කාලය අතර , දින 30 ක් හෝ ඊට වැඩි කාලයක් නම් තැන්පත් කළ ඇප මුදලින් 10% ක්ද,
එසේ අවලංගු කර සිටීමට ඉල්ලා සිටින දිනය වෙන් කල දින(එනම් උත්සව දිනය) සිට දින 10ත් 29 ත් අතර, නම් ඇප තැන්පතු මුදලින් 25% ක්ද ,
එසේ අවලංගු කර සිටීමට ඉල්ලා සිටින දිනය වෙන් කල දින (එනම් උත්සව දිනය) සිය දින 10ක් හෝ ඊට අඩු නම් ඇප තැන්පතුවද ඇතුළුව අය කර ඇති සියළුම ගාස්තු මුදලින් 75% ක මුදලක්ද,
උත්සව කාලය ලෙස නගර සභාව විසින් නම් කළ, මාර්තු 15 සිට අප්‍රේල් 15 දක්වාද, දෙසැම්බර් 1 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළදී ඉහත සඳහන් මුදලය අමතරව තව 10% ගාස්තුවක් අය කර ගෙන ඉතිරි ඇප තැන්පත් මුදල් නිදහස් කළ හැක.
එසේ වුවද නගර ශාලාව ඉහත පරිදි ඉල්ලීමක් කර අවලංගු කරවා ගත් දිනය වෙනත් පාර්ශවයක් විසින් ඇණවුම් කර ශාලාව පාවිච්චි කළහොත් කළින් දිනය ඇණවුම් කළ තැනැත්තාට තම ශාලාවේ ඇප තැන්පත් මුදල , ඉහත කොන්දේසි වලට යටත්ව ඇප මුදල නිදහස් කල හැකිය. එසේ නැත්නම් අදාල දිනය ඇණවුම් කළ තැනැත්තා අදාල දින භාවිතා කිරීම නිසා සභාවට වන පාඩුව අවම වන තත්වයේ යෙදුනහොත් එම පාවිච්චි කළ දිනෙන් පසුව 10% ක ගාස්තු මුදලක් ගෙවා ඇප තැන්පත් මුදල නිදහස් කිරීමට පළමු ඇනවුම ඉදිරිපත් කළ තැනැත්තාට හැකිය.
නගර ශාලාව වෙන් කරවා ගත් දින අපේක්ෂිත කාර්ය සඳහා එසේ වෙන් කිරීමෙන් පසුව වෙනත් දිනයක් ලබා ගැනිම සඳහා අදාල තැන්පත්කරු ඉල්ලීම් කළ පසු,
- එසේ කළින් වෙන් කරවා ගෙන පසුව අවලංගු කරවා ගත් දිනය වෙනත් පාර්ශවයක් විසින් ඇණවුම් කර ශාලාව පාවිච්චි කරන ලද්දේ නම්, එසේ පාවිච්චි කරන ලද දිනය ඉක්ම වු පසු අදාල ඇප මුදලින් 10% ක සේවා ගාස්තුවක් ගෙවා අදාල ඇප මුදල ලබා ගත හැකිය.
- ඉහත(1) පරිදි අවලංගු කරන ලද දිනය ශාලාව වෙනත් පාර්ශවයක් පාවිච්චි නොකළේ නම් 25% ක සේවා ගාස්තුවක් ගෙවා එකී වෙන් කළ දිනට පසුව අදාල ඇප මුදල නිදහස් කර ගත හැකිය.
- එබදු අවස්ථාවකදී පසුව ලබා ගන්නා දිනය සඳහා වෙනම ඇප මුදල් තැන්පත් කල යුතුය.
සැලකිය යුතුය
මෙම ගාස්තු වලට අමතරව රජය විසින් විවිධ අවස්ථා වලදී පනවනු ලබන සියලු බදු හා ගාස්තු වලට අදාලව ඉහත සේවා ගාස්තු සංශෝධනය විය හැක.